කළමනාකරණ හා මුල්‍ය පීඨයේ නව සිව් මහල් ගොඩනැගිල්ලට මුල් ගල් තැබීම.



කොලඹ විශ්වවිද්‍යාලයීය කළමනාකරණ හා මූලය පීඨයේ ඉදිකිරීමට නියමිත නව ගොඩනැගිල්ල සදහා මුල්ගල් තැබීමේ උත්සවය 2017 අගෝස්තු 31 වන දින උදෑසන 9.10ට යෙදුනු සුභ මොහොතින් සිදු කෙරුණි.

මේ අවස්ථාව සදහා කොලඹ විශ්වවිද්‍යාලයීය කුලපති ඔස්වල් ගෝමස් පියතුමන්, උපකුලපති මහාචාර්‍ය ලක්ෂ්මන් දිසානායක මැතිතුමන්, කළමනාකරණ  හා මූලය  පිඨාදිපතිනී ආචාර්‍ය ආර්. සේනාධිරාජා මැතිනිය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නියෝජනය කරමින් ආරධිත මහත්ම මහත්මින්, ආගමික පූජකවරුන්,  කළමනාකරණ  හා මූල්‍ය පීඨ ආචාර්‍යවරුන් හා සිසුන් රැසක් සහභාගීවිය.

රු. මිලියන 290ක් වියදමින් ඉදි වන මෙම ගොඩනැගිල්ල මහල් 4කින් හා නවින පහසුකම් සහිත දෙශන ශාලා 14කින් සමන්විත වේ.. ලබන වසරේ සිට පීඨයට ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 100 කින් පමන ඉහල නැන්වීමත්, රාජ්‍ය විශ්වවිදයාල පුළුල් කිරීම හා පීඨයෙ අධ්‍යන කටයුතු තවත් ගුණාත්මක ලෙස ඉහල නැන්වීමත් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ ප්‍රදාන අරමුණු වී ඇත. මෙහි වැඩකටයුතු වර්ෂ 2කින් නිමකර සිසු අයිතියට පත් කිරීමට විශ්වවිද්‍යාලයීය කළමනාකරණය බලාපොරොත්තු වේ.


ඉදි කීරීමට යෝජිත නව ගොඩනැගිල්ලේ සැලැස්ම
එම උත්සවය අතරතුර ලබා ගත් චායාරුප කිහිපයක්,






















By Gihani Kawshalya


Comments

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19