කවි සිතුවිලි : සිනාව


සමහරු ආඩම්බරෙන් යති,
ගොඩක් උඩින්...
සමහරු මවාගෙන යති,
මෙලෝ නොසිහියෙන්...
සමහරු රවාගෙන යති,
පුපුරන මුහුණෙන්...

එත්,

මේ කිසිවක් ඉදිරියේ...
නොනැමෙන හිත...
හිනාව අභියස සිනා නොවී
සිටිය හැකිද
සිත පහන් නොවී තියේවිද?

රණ්ඩු සරුවල් වි
ඇන කොටාගෙන, මිනී මරාගෙන
බෙදී වෙන් වී 
සියල්ල අවසානයේ 
සිනා වු කල 
කිසිවක් නොවූ සේ 
සියලු බැදීම් අලුත් කර ගනු නොකැමැතිද ?


Written By : Dilnuwan Madusanka

Comments

Post a Comment

Popular posts from this blog

Hanthana Sihinaya

I am My Favourite

2014 T20 World Cup Final - Final Episode - 07 (SL vs IND)