Love and Life

මෙච්චරකල් පළ කරපු ආටිකල් අතරේ අපිට කතා කරන්න බැරි වුන ආදරය කියන පුළුල් මාතෘකාව ගැන අදහසක් එකතු කරන්න අද අපි හිතුවා. ඉතින් ඒකට අදහසක් එකතු කරන්න එකතු වුනේ චමෝදි . ඉතින් ඇයට දැනිච්ච විදියට මේ ආදරය කියන දේ ගැන විවිධ ආකාරයෙන් දකින්න පුළුවන්. ඔබ සහ මම ආදරය දකින විදිය එකෙනෙකට වෙනස්. අන්න ඒ වෙනස නිසාම ආදරේට ලස්සණ විවිධත්වයක් එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ විවිධ පැති වලට ගලාගෙන ගෙන යන ආදරය කියන සුන්දර සිතුවිල්ල ගැන අපි අලුත් නිර්වචනයක් හදාගමු. ඔබත් එකතු වෙන්න ඇගේ අදහස් එක්ක ආදරය ගැන අලුත් විදියකට දකින්න. ආදරය සහ ජීවිතය ආදරය කියන්නෙ හරි පුදුම දෙයක් නේද යාලුවනේ. ආදරය කියන මේ වචනෙට කොච්චරක් නම් අරුත් දීල ඇත්ද? සමහරක් අයට ආදරය කියන දේ ලැබීමක් වෙද්දි සමහරක් අය ආදරය කියන දේ පරිත්‍යාගයක් කියල දකිනවා. තවත් සමහර අය ආදරය එයලගේ මුලු ජීවිතයම කරගනිද්දි තවත් අය ඒක එයාලගෙ ජීවිතයෙ කොටසක් කරගන්නවා. කෙනෙක් ආදරය පිවිතුරු දෙයක් කියලා දකිද්දි තවත් කෙනෙක් ඒක රාගයක්ම පමනක් කොට සලකනවා. ඒවගේම ආදරය කියන මේ දේ කෙනෙක්ට විදීමක් වෙද්දී තව කෙනෙක්ට ඒක විඳවීමක් වෙනවා. තවදුරටත් කියනවනම් ආදරය කියන දේ කෙනෙක්ව ජිවත් කරනවා වග...